hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 12:23


නාමල්ගේ චෝදනාවට අධිකරණයෙන් නියෝගයක් – පැමිණිල්ල කැඳවන්න දින දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන මැයි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි නමැති සමාගමක යෙදවූ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.