hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 05, පෙ.ව. 10:08


පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ග අද සහ හෙට වැසෙයි

මහජන උද්ඝෝෂණ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හ කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවට ගමන් කිරීමේ බාධා ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව අද හා හෙට යන දිනයන්හිදී පහත දැක්වෙන මාර්ග වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දියත උයන මංසන්ධියේ (පොල්දූව මංසන්ධිය) සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්,

ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් (ඩෙන්සිල් කොබ්බෑකටුව මාර්ගය)

මේ අනුව වසා තැබෙනවා.

පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයන්ද එම කාල සීමාව තුල වසා තැබෙනු ඇති බවත් විකල්ප මාර්ග නොමැති එම සීමාව තුළ පදංචි මහජනතාවට අනන්‍යතාව තහවුරු කර ගමන් කිරිමේ හැකියාව පවතිනවා.