hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 1:01



ජපන් ජාතිකයන් සංචාරය සඳහා යන විට වීසා ගත යුත්තේ ලෝකයේම රටවල් දෙකකින් පමණක් යැයි ද එයින් එක රටක් ශ්‍රී ලංකාව බවද පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවා.

මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා වාර්තා විවාදයට සහභාගී වෙමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියා.

අද රට බංකොලොත් වී ඇත්තේ ණයට අරං සැපට කාල ජොලියේ ජීවත්වෙන මොඩලය නිසා බවද විමල් වීරවංශ මහතා සඳහන් කළා.

ජපනුන් විසින් සංචාරය සඳහා වීසා ගත යුතු අනෙක් රට උතුරු කොරියාව බව කී වීරවංශ මහතා සංචාරක කර්මාන්තය ගොඩනංවන්නට කතා කරන මේ මොහොතේ ජපනුන්ට ලංකාවෙි සංචාරය සඳහා වීසා ගත යුතුය යන තීරණය වත් අපට වෙනස් කරගන්නට නොහැකි වන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියා.