hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 මැයි 05, පෙ.ව. 11:25



නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

ඒ රහස් ජන්දයක් ලෙසයි. මන්ත්‍රීවරුන්ගේ නම් කතා කිරීමෙන් පසු සභා ගර්භයේ මැද පිහිටි ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීමෙන් පසු ඡන්ද පෙට්ටියට අදාල පත්‍රිකාව බහාලීම සිදු කෙරෙනවා.

ඒ අනුව පළමු ඡන්දය ප්‍රකාශ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබුවා.

අද නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමට නම් දෙකක් යෝජනා වීමත් සමග ඡන්ද විමසීමක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම මන්ත්‍රී නිමල් සිරිපාල මන්ත්‍රීවරයා විසින් යෝජනා කළ අතර මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත විසින් ස්ථිර කරනු ලැබුවා.

මේ අතර සමගි ජනබල වේගය පක්ෂටේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ නම යෝජනා කරනු ලැබුයා.

එම මන්ත්‍රීවරයාගේ නම මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල විසින් එය ස්ථිර කරන ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම යෝජනා කරනු ලැබූ රංජිත් සියඹලාපිටිය සඳහා ආණ්ඩු පක්ෂයේ විසින් සහය දක්වනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පිරිස් මහතා විසින් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: