hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 12, ප.ව. 6:19


හිටපු උපකුලපතිට පහරදුන් 12කගේ ශිෂ්‍යභාවය අහෝසියි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළ මේවන විට සිසුන් 10 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු ද කරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසනවා.

විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිදු කරන ලද විමර්ෂණයකට අනුව එම සිසුන් හඳුනාගෙන ඇති බවත් තවත් සිසුන් අදුනාගනිමින් සිටින බව ඔහු සඳහන් කළා.