hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 13, ප.ව. 12:49



එක් කණ්ඩායමක් හෝ පිරිසක් වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් මුදල් අමාත්‍යාංශය සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ එවැනි ආර්ථික වටපිටාවක ශ්‍රී ලංකාව නොමැති බවයි.

මෙය මුදල් අමාත්‍යාංශය අමානුෂික ලෙස හැසිරීමක් ලෙස හුවා දැක්වීම අසාධාරණ බව හෙතෙම පෙන්වා දෙනවා.

පවතින ආර්ථික වටපිටාව තුළ සියලුම ආයතන සම්බන්ධයෙන් නොවෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අමාත්‍යාංශයට සිදුව ඇති බව සියඹලාපිටිය මහතා කියා සිටියා.

පාර්ලිමේන්තු සේවකයන්ගේ පමණක් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.