hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:08



වි‍‍‍‍ශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඊට අදාළ විශේෂ ලිපිය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට සහ දළදා මාළිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත භාරදුන් බව ඔහු පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරිමට නියමිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.