hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 21, පෙ.ව. 8:16



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතු වලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුවක් විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

වොස්ට්‍රෝ ගිණුම විවෘත කිරීම පිළිබඳව සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී විකාස් ගෝයල් මහතා සමඟ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.