2022 දෙසැම්‍බර් 22, පෙ.ව. 7:54
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
2022 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 70.6% ක් ලෙසින් වාර්තා වී තිබුණා.
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 80.9% සිට 2022 නොවැම්බර් මාසයේ දී 69.8% ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මේ අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 61.3% සිට 2022 නොවැම්බර් මාසයේ දී 60.4% ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06