hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 22, ප.ව. 3:23



හෝමාගම පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තිබී හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් දහසක පමණ ප‍්‍රමාණයක් හමු වී තිබෙන බව වාර්තා වෙනවා.

දැනට තාවකාලිකව වසා දමා ඇති එම විශ්වවිද්‍යාලයේ උප කුලපති හිමි ඇතුළු බලධාරීන් විසින් සිදු කරන ලද පරීක්‍ෂාවකදී මෙම බෝතල් තොගය සොයාගෙන තිබෙනවා.

මෙම බෝතල් තොගය සගවා තිබී ඇත්තේ කසළ බැහැර කිරීම සඳහා සකසන ලද වළක් තුළත් හා අපජලය බැස යන කාණු පද්ධතියක ගලි වළක් තුළයි.

මෙම හිස් මත්පැන් බෝතල් කුඩු කර දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.