hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 23, ප.ව. 2:07



එප්පාවල පොලිස් වසමේ පිහිටි කිරලෝගම, ගැටදිවුල, පොල්වත්තේ පදිංචිව සිටි ගෞරව ප්‍රේමසුන්දර නමැති අවුරුදු 09ක් වයසැති දරුවකු පසුගියදා නිවෙසින් අතුරුදන්ව ඇති බව වාර්තා වුනා.

කෙසේවෙතත් පැහැරගැනීමට ලක් වූ බව කියන දරුවා සැබෑ ලෙසම පැහැරගැනීමකට ලක්ව නැති බවත්, ඔහු සිය කැමැත්තෙන්ම විදුලි කාර්මිකයා සමඟ ගොස් තිබෙන බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි එප්පාවල පොලීසිය සඳහන් කරනවා.

භාරකරුවන්ගේ අනුදැනුමකින් තොරව බාල වයස්කරුවකු සිය කැමැත්තෙන් වුවත් රැගෙන යෑම වරදක් බැවින් එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කළේ.

දරුවා රැගෙන ගියේ යැයි කියනුයේ ප්‍රියන්ත පුෂ්පකුමාර නමැති 44 හැවිරිදි පුද්ගලයෙක්.

“දරුවාව එක්කගෙන ගිය කෙනා දරුවාව පාසලට දාලා නැහැ – මගේ දරුවට මොකද වුණේ?” – එප්පාවල මවක් හඬා වැටෙයි