hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 25, පෙ.ව. 4:35



නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුණු බැතිමතුන් සමග ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටිනවා.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් උපන් දිනය සැමරීමට සුදානමින් සිටිනවා.

එමෙන්ම කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් ද නත්තල සඳහා විදුලි ආලෝකකරණයෙන් අලංකාර කර තිබූ අයුරු දක්නට ලැබුණා.

පසුගිය දෙවර්ෂයේ කොවිඩ් 19 ව්‍යසනය සහ ආර්ථික අර්බුද හමුවේ සුපුරුදු පරිදි නත්තල් සැමරීමට කිතුණු බැතිමතුන්ට අවස්ථාව හිමි වුණේ නැහැ.

මේ හේතුවෙන් හෙට දිනයේ උදාවන නත්තල සැමරීම සඳහා ජනතාව මහත් උනන්දුවෙන් වෙළඳසැල්වෙත ගොස් නත්තල් සැරසිලි සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිලට ගන්නා අයුරු දක්නට ලැබෙනවා.