2022 දෙසැම්‍බර් 27, ප.ව. 12:26
දිස්ත්‍රික්ක 05කට අයත් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ, පහතදුම්බර, උඩුනුවර, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලේ, පහත හේවා හැට, ගඟවට කෝරලේ, හාරිස්පත්තුව, තුම්පනේ, පුජාපිටිය, යටිනුවර ප්‍රදේශත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලිගමුව, රඹුක්කන, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, අරනායක, රුවන්වැල්ල ප්‍රදේශත් මෙම අනතුරු ඇඟවීම් නිවේදනයට ඇතුළත්.
එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, රිදීගම, පොල්ගහවෙල ප්‍රදේශයවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට, මාතලේ, යටවත්ත, උකුවෙල, නාඋල, නගරපල්ලේගම, පල්ලේපොල ප්‍රදේශවලටත් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රදේශයටත් මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසුවේ, අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින්නැයි නිවේදන නිකුත් කර ඇති බවයි.
ඊට අමතරව කණ්ඩි ආශ්‍රිත සිටින ජනතාවට අවදානමක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට ද එම නිවේදනයේ දැක්වෙනවා.