hit counter

2025 ජනවාරි මස 03 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 28, පෙ.ව. 7:17



අධික වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණේ භූගත ජල අපවහන පද්ධතියට එම ජල පරිමාව දරාගත නොහැකි වීමෙන් බව මධ්‍යම පළාත් ඉංජිනේරු අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ.වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් කානු උතුරා මාර්ග යට වූ බවයි.

මේ අතර, ඊයේ පෙරවරුවේ මහනුවර තත්ත්වය සම්බන්ධ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා කියා සිටියේ සිදු වූ ආපදා තත්ත්වයට හේතුව නිසි සම්බන්ධීකරණයක් නොමැතිව සිදු කර ඇති ව්‍යාපෘති බවයි.