2022 දෙසැම්බර් 29, පෙ.ව. 6:13
රට තුළ ආර්ථික තත්ත්වය යහපත් වූ විට පළාත් පාලන මැතිවරණයක් පවත්වනවා මිස හදිසියේ මැතිවරණයක් පැවැත්වීම මේ කාල වකවානුවේ නුසුදුසු බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා ප්‍රකාශ කළා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වන නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම මේ සතියේ හෝ ජනවාරි මුල් සතිය තුළ සිදු කිරීමට නියමිත බව දැනගන්නට ලැබී ඇති බවත් රුපියල් බිලියන 10ක් වැනි මුදලක් මැතිවරණයක් සඳහා මෙකල වියදම් කිරීම නුසුදුසු බවත් ඔහු පැවසුවා.
රට මුහුණ දී ඇති දරුණු ආර්ථික පසුබෑමත් සමඟ විශාල ලෙස පීඩාවට පත්ව ඇති සමස්ත රටවැසියාගේ දුක් අඳෝනාවන් පසෙකලා මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙතරම් විශාල මුදලක් වැය කළ නොහැකි බවද ඔහු සඳහන් කර සිටියා.
සර්වජන ඡන්දය මත පදනම් වූ නියෝජිත ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් භුක්තිවිඳින ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස නිසි කලට නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සිදු කළ යුතු බවත් තම දෛනික අවශ්‍යතාවන් අතරින් අවම වශයෙන් ආහාර අවශ්‍යතාවවත් පිරිමසා ගත නොහැකිව පෝෂණ ඌනතාව නිසාම මන්දපෝෂණයට ලක් වූ දරුවන් සිටින රටකට ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් වියදම් කිරීම යුක්ති සහගත නොවන බවත් හෙතෙම පැවසුවා.
පළාත් පාලන මැතිවරණයට අදාළ නිවේදනය නිකුත් කිරීමට පෙර සියලු දේශපාලන පක්ෂ කැඳවා ඔවුන්ගේ අදහස් විමසීමක් සිදු කළ යුතු බව ද ඔහු පවසා සිටියා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06