2022 දෙසැම්‍බර් 29, ප.ව. 1:56
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපතිවරයා හා නීතිඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඔවුන් පවසන්නේ පසුගියදා පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයා මුණ ගැසීමෙන් පසුව ලීසිං ගෙවන්නන්ගේ වාහන පැහැර ගැනීම වළක්වමින් පොලිස්පතිවරයා නියෝගයක් ලබා දුන් බවයි.
කෙසේවෙතත් ඉන්න අනතුරුව මැර තර්ජන කරමින් දුරකථන මගින් මරණීය තර්ජන එල්ල කරන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා සඳහන් කළා.
ඒ පිළිබඳව වහා සොයා බලන ලෙස එම දුරකථන අංක ද සමග ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
“වැලිබල් ෆිනෑන්ස් එකේ වහනයක් ඊයෙත් ඉස්සුවා, උඹලට පුළුවන්ද මේ වාහන උස්සන එක නවත්තන්න කපලා කොටලා මරනවා” යනුවෙන් තර්ජනය කළ බවද ඔහු පවසනවා.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07