hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 31, පෙ.ව. 6:23



කොළඹ හා ගම්පහ ස්ථාන 20ක දී රුපියල් 55 ට බිත්තර අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

බිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහල යාම නිසා බිත්තර අවම මිලත් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා කළා.

එහිදී  බිත්තරයක් රුපියල් 55ක් වශයෙන් අලෙවි කිරීමට එම සංගම් අමාත්‍යවරයාට එකඟත්වය පළ වුණා.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 70ක මිලට අලෙවි වෙමින් පවතින බව පාරිභෝගිකයන් පෙන්වා දෙනවා.

එම මිලට බිත්තර අලෙවි කරන වෙළෙන්දන් සඳහන් කරන්නේ තොග වෙළෙන්දන්ගෙන් ලබා ගත් මිල ගණන් අනුව මෙම මිලට සිල්ලරට බිත්තර අලෙවි කර ගත් බවයි.

තොග වෙළඳුන්ගෙන් බිත්තර ඉහළ මිල ගණන් වලට මිලදී ගත් බිල්පත් ඇති බවද වෙළදුන් කියා සිටිනවා.