hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2023 ජනවාරි 04, පෙ.ව. 4:09



අද (04) සිට කාලගුණයේ යම් වෙනස්වීමක් සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.

ඒ අනුව බොහෝදුරට අද (04) සිට උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලට සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

තවද, මේ දිනවල උදෑසන පවතින දැඩි සීතල ද හෙටින් පසුව ක්‍රමයෙන් අඩුවනු ඇතැයි හෙතෙම සඳහන් කර සිටියා.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියේ සඳහන් වෙනවා.