2023 ජනවාරි 04, පෙ.ව. 9:47
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබන 20 වනදා දහවල් 12 දක්වා අවස්ථාව පවතින බවයි.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මේ වන විට නිකුත් කර ඇති බව ද, ඔහු ප්‍රකාශ කළා.
අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වනවා.
පළාත් පාලන ආයතන 341 න් ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇති.