hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 ජනවාරි 05, පෙ.ව. 5:14



16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල අද (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

හිටපු 16 වන ‍බෙනඩික්ට් පාප් වහන්සේගේ අවමංගල්‍ය අවසන් කටයුතු අද (05) සිදු කිරීමට නියමිතව තිබෙනවා.