hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 ජනවාරි 05, පෙ.ව. 11:40


ගෑස් මිල පහළට – මිල ගණන් මෙන්න

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ගෘහස්ත ලිට්රෝ ගෑස් මිල පහල දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,409ක්.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,770ක්.

කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 38කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822ක් වනවා.