hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජනවාරි 05, ප.ව. 12:56




කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා සිට ඉරිදා දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඒ, කොළඹ 1, 2, 3, 4, 7, 9, 10 සහ 11 යන ප්‍රදේශවලටයි.

ඒ අනුව ලබන සෙනසුරාදා රාත්‍රී 10.00 යේ සිට ඉරිදා පස්වරු 04.00 දක්වා ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මාළිඟාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළ ව්‍යාපෘති මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් මෙම ජල කප්පාදුවට හේතුවයි.