hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 07, ප.ව. 3:31


බිත්තර මිල අඩු වෙන ලකුණු!

අද (07) සිට බිත්තරයක මිල රුපියල් 5කින් අඩුකිරිමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා ආරම්භ කරන බවයි.

තව ද, බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද කොළඹ නගරය ආශ්‍රිතව බෙදාහැරීම සඳහා බිත්තර ලක්ෂ 10ක් රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් බිත්තර ආනයනය කිරීමේ වගකීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පවරා දී තිබෙනවා.