hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජනවාරි 08, පෙ.ව. 6:50



ඇමැති මණ්ඩල සංශෝධනයේ ඇමති ධූර ගැනීමට මන්ත්‍රීවරු රැසක් බලාපොරොත්තුවෙන් සිටින බව රජයේ ආරංචි මාර්ග පැවසුවා.

මේ අතර ආණ්ඩුකාර ධූර ලබා ගැනීමට පිරිසක් අතර දරුණු තරඟයක් ඇතිව තිබෙන බවත් වාර්තා වනවා.

පළාත් ආණ්ඩුකාර 09න් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට බෙදා ගෙන වෙන් කර ගැනීමට මේවන විට සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව පොදුජන පෙරමුණට පළාත් 4ක්ද එක්සත් ජාතික පක්ෂයට පළාත් 5කටද ආණ්ඩුකාර ධූර පත් හිමි වනු ඇති.

එජාපයේ අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේ බණ්ඩාර, නවීන් දිසානායකගේ නම් ඊට යෝජනා වී තිබෙනවා.

මෙලෙස නම් යෝජනා වී තිබුණද ආණ්ඩුකාර ධූර ලබා ගැනීම සඳහා අයදුම්පත් 50කට අධික සංඛ්‍යාවක් ජනාධිපති කාර්යාලයට ලැබී ඇතැයි වාර්තා වනවා.