hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 10, ප.ව. 4:10



ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවෘත අභියෝගයක් කරනවා ජාතික සංවර්ධනය පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙසට.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ඒ අභියෝගයට මම ලෑස්තියි. සජිත් ප්‍රේමදාස සංවර්ධනය පිළිබඳ අනුර කුමාර දිසානායකට කරන ලද අභියෝගය අනුර කුමාර දිසානායක විසින් පිළිගන්නා ලදී. ඒ සංවාදය සදහා සජිත් ඒමට සූදානම් නැත. සජිත්ට මම කියනවා අපි සාකච්ඡා කරමු කියලා. ඒ සාකච්ඡාවට එයා බෑ කියලා කිව්වට පස්සේ දෙවෙනි සාකච්ඡාවක් ගැන හිතමු. හැබැයි පලවෙනි එක අතන තියෙන්නේ. විවාදයට මොකද වෙන්නේ කියලා ලිඛිතව දැනුම් දෙන්න අපිට. නෑ ඔබ සූදානම් වුණාට අපේ නායකයා සූදානම් නැහැ,ඔබ සූදානම් වුණාට අපේ නායකයා අසනීප තත්ත්වයෙන් පෙළෙනවා කියලා මොකක් හරි එව්වට පස්සේ අපිට දෙවැනි සාකච්ඡාව ගැන හිතා බලන්න පුළුවන්.”