2023 ජනවාරි 11, පෙ.ව. 9:42
තම ප්‍රතිපත්තිවලට එකඟ නම් ජනතා විමුක්ති පෙරමුණ වුවත් තම පක්ෂය හා එකතු කර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගෙනවා නම් එසේ ගොඩනැගෙන්නේ රට හා ජනතාවගේ අභිලාෂය වෙනුවෙන් බව ද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසුවා.
විපක්ෂය පොදුජන පෙරමුණට චෝදනා කරමින් සිටිනවා විනා රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බව ද තම පක්ෂය තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන් බව ද ඔහු කියා සිටියා.
අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් ඊයේ (10) පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36