hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජනවාරි 11, ප.ව. 10:43



ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය ඇතුළු සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) සිදු කෙරුණා.

මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ.  

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’, අනුර ප්‍රියදර්ශන යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.