hit counter

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2023 ජනවාරි 12, පෙ.ව. 11:25



ශ්‍රිලන්කන් ගුවන් සමාගම විසින් රාජ්‍ය බැංකු දෙකක් සදහා රුපියල් මිලියන 71,621ක ණය මුදලක් ගෙවිමට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

කෙටිකාලින මුදල් අවශ්‍යතා සදහා මෙකි රාජ්‍ය බැංකු දෙකින් මෙම ණය මුදල ලබාගෙන ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

ගුවන් සමාගම විසින් 2016/2017 යන වර්ෂය තුල මහා භාණ්ඩාගාරයේ ඇප මත ඩොලර් මිලියන 200ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 31,115) සහ 2017/2018 වර්ෂයන් තුලදි රුපියල් මිලියන 29.439ක මුදලක් මෙකි රාජ්‍ය බැංකු දෙක මගින් ලබාගෙන තිබුණා.

2020/2021 යන වර්ෂයන් තුලදි මෙම රාජ්‍ය බැංකු දෙක මගින් ඩොලර් මිලියන 75ක ණය මුදලක් ලබාගෙන තිබුණා.

ජාතික විගණන කාර්යාලය මගින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සදහන් ව තිබෙනවා.