2023 ජනවාරි 12, ප.ව. 12:01
හැටන් නගරයේ මඤ්ඤොක්කා, බතල සහ කොස් මදුළු මිල අධික ලෙස ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්ව තිබෙනවා.
හැටන් නගරයේ එලවළු තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලදසැල් වල මේ දිනවල මඤ්ඤොක්කා කිලෝවක් රු 200 කටත්, බතල කිලෝවක් රු 160 ටත්, කොස් මදුළු කිලෝවක් රු 200 වැනි මිලකට අලෙවි කරනු ලබයි.
වෙලදපොලේ එලවළු මිල ඉහල යාම හමුවේ මඤ්ඤොක්කා, බතල සහ කොස් වලට ඇති ඉල්ලුම ඉහල යාම හමුවේ, ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම නිසා මඤ්ඤොක්කා, බතල සහ කොස් වල මිල ඉහල ගොස් ඇති බවයි එලවළු වෙලදුන් කියා සිටින්නේ.
මඤ්ඤොක්කා, බතල සහ කොස් වල මිල මෙලෙස අධික ලෙස ඉහල ගිය ප්‍රථම අවස්තාව මෙය බවයි හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටින්නේ.