hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 12, ප.ව. 3:24


ආදර්ශාට ඇප

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්.

ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහ මහතාගේ රුපියල් මිලියන 100ක ඉල්ලා සිටියේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආදර්ශනී කරදන මහත්මිය ව ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබුවා.