2023 ජනවාරි 13, ප.ව. 3:41
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයෝ දෙසැම්බර් මසට හිමි ප්‍රසාද දීමනා (බෝනස්) ඉල්ලා ඊයේ (12) කාර්යාංශ සභාපතිවරයා කාමරයක අඩස්සියේ තබාගෙන උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.
පැය දෙකකට අධික කාලයක් තිස්සේ පැවැති මෙම උද්ඝෝෂණය නිසා කාර්යාංශ පරිශ්‍රය දැඩි උණුසුම් මුහුණවරක් ගෙන තිබුණා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයෝ 1400 කට අධික පිරිසක් සේවය කරනවා.
ඔවුනට හිමි අයිතිය ලබාදෙන ලෙසට තවත් පිරිසක් සාමාන්‍යාධිකාරිවරයා ද කාමර අඩස්සියේ තබා විරෝධතා පළ කර තිබෙනවා.
2025 අගෝස්තු 06, පෙ.ව. 12:26
2025 අගෝස්තු 06, පෙ.ව. 12:22
2025 අගෝස්තු 06, පෙ.ව. 12:18
2025 අගෝස්තු 06, පෙ.ව. 12:15
2025 අගෝස්තු 06, පෙ.ව. 12:10