hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජනවාරි 13, ප.ව. 6:55



කපටි දේශපාලඥයන්ට ඡන්දේ දී ජනතාව මෙන්න තමනුත් රැවටුණු බව  අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවා.

ඒ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

මම කවදාවත් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකත්වයක් තියෙන කෙනෙක් නෙමෙයි මම. නමුත් මේ රට ගොඩ ගන්නවා, දිව්‍ය ලෝකයක් කරනවා, මෙහෙම කරනවා, අරෙහෙම කරනවා කියපු මිනිස්සුන්ට රැවටිලා උන්ගේ ජයග් රහණය වෙනුවෙන් සමස්ත ජනතාව මෙන්ම මාත් රැවටුනා එක්කෙනෙක් තමයි. ආයි රැවටෙන්නේ නැහැ. අපි මේ රට හදන්න මේ දේශපාලඥයෝ විසින් ගේන න්‍යාය පත්‍රවල ඒ දේවල් විශ්වාස කරලා, මේ රටේ සමස්ත ජනතාව අද මේ පීඩාවට පත්වෙලා තියෙනවා දේශපාලනයෙන් තොර. හැබැයි මේ සියලුම ජනතාව, මේ ජනතාව, මේ කපටි දේශපාලඥයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දේ දීපු මිනිස්සු. ඒ දුක තමයි, ඒ පව තමයි මේ විඳවන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මමත් ඒක විඳවනවනේ.

ඊයේ, පෙරේදා මේ රටේ දේශීය කර්මාන්තකරුවන්ගේ තත්වේ මොනවද? රටේ දේශීය වී, ගොවි, ගොවිතැන් කරන නිෂ්පාදකයෙක්, වී ගොවියාගේ තත්වය අන්ත අසරණයි. ඒකට කවුරුහරි කෙනෙක් හොයාගන්නවා. විශේෂයෙන් මාව හොයාගන්නවා. රටක් පාලනය කරනවා කියන්නේ මේ එක එක්කෙනාගේ ව්‍යාපාරිකයින්ගේ යෝජනාවලට කැමති අකමැති වැඩ කරන එක නෙමෙයි. ඒක ඒක පාලනය කියන්නේ ඒකයි. කවුරු වුණත් පාලනය කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. වර්තමාන ජනාධිපතිවරයාට මම පැහැදිලි ප්‍රකාශයක් කරා. ඇත්තටම මම ඒකත් මේ වෙලාවේ කියන්න ඕනේ. දැන් ඔය ලොකු ලොකු කතා කවුරු මොනවා කිව්වත් ගිය දෙසැම්බර් හත් වෙන්දා දවල් දොළහට මට ජනාධිපතිවරයා ඇපොයිමන්ට් එකක් දීලා තිබ්බා මම ඉල්ලීමක් කරලා තිබ්බා විශේෂයෙන්ම මේ රටේ වී ගොවියන්ගේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරන්න.

මම ඒ ගිහිල්ලා අවශ්‍ය ලියවිලි, තොරතුරු ඔක්කොම දුන්නට පස්සේ එදා දවල් දොළහට අ එදා හැන්දෑවේ හයට මම රටින් යනවා. ඒක නිසා තමයි දොළහට දුන්නේ. දොළහට ඒ වෙලාවෙම ජනාධිපති ලේකම්වරයාට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ හාල් කන්න දෙහෙක වී තිබෙනවා ගොවියෝ ළඟ විකුණගන්න බැරුව. මේ හාල් ගෙන්නන එක නතර කරන්න කියලා එවෙලෙම උපදෙස් දුන්නා. මම ඒ අදාළ රටට ගිහිල්ලා බහින කොට මට එකක් ආවා කෘෂිකර්ම ඇමතිවරයාගේ ඉල්ලීමක් මත ජනාධිපතිවරයා මේවා කරයි කියලා.

මොකා හරි කමන්නෑ හාල් නැවතුනේ එහෙමයි. නමුත් ඒ ගෙනාපු හාල් ප්‍රමාණය කෝටි දහසයදාහක්. ඒ කෝටි දාසයදාහා මේ රටේ ගොවි ජනතාවගේ අතට යන්න තිබ්බ සල්ලි. නමුත් ඒ ඒ ඒ ප්‍රමාණය දැනටත් නෙමෙයි. තව මාස ගාණකට මේ රට ඇතුලේ හාල් තියෙනවා. පිටරට. මං ඒ වෙලාවේ කිව්වේ ඉන්දියාවේ ගොවියෝ දිරිමත් කරන්න, ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගන්න තමයි අපේ සමස්ත දේශපාලඥයෝ ඔක්කොම එකතු වෙලා. එදත් කරේ, අදත් කරන්නේ, මට තේරෙන විදිහට කරන්නෙත් ඒක.”

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,