hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 16, පෙ.ව. 9:09


ගින්නකින් නිවාස 12ක් විනාශ වෙයි

තලවාකැලේ වතුයායේ ඕඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ඇතිවූ ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තාවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලටද පැතිර ගොස් ඇති අතර, විනාශ වූ නිවාසවල පදිංචි පවුල් 12කට අයත් සාමාජිකයන් 47 දෙනෙකු ඥාති නිවෙස්වල තාවකාලිකව පදිංචි කර තිබෙනවා.

තෛපොංගල් දින උත්සවය ඊයේට යෙදී තිබූ අතර, මේ නිසා බොහෝ පිරිසක් වතු යායේ තිබූ තෛපොංගල් සැමරුමට එක්ව සිට ඇති බවයි වාර්තාවන්නේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතුව බව පොලිසිය සැක පළ කරනවා.