hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 ජනවාරි 17, පෙ.ව. 9:30



පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නිදහස් ජනතා සන්ධානයේ නායකයින් අතර ඊයේ (16) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවන ආකාරය දැකගත හැකි වුණා.

ඔවුන් මෙසේ උණුසුම් සංවාදයක නියැළුණේ සාකච්ඡාව අවසන් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් පිටව යන අවස්ථාවේදීයි.

දැඩි කෝපයෙන් යුතුව එම ස්ථානයෙන් පිටව ගිය ඔවුන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ආකාරයත් දැකගැනීමට හැකි වුණා.