hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 18, පෙ.ව. 9:25


කොස්ගම සහ වග දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපනී

කොස්ගම සහ වග අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (18) උදෑසන අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය හෝමාගම දුම්රිය ස්ථානය දක්වා සීමා වනු ඇති.