hit counter

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2023 ජනවාරි 18, ප.ව. 1:42



වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස්  ඇතැයි පාරිභෝගිකයෝ පවසනවා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක මිළ රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරනවා.

සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 100 ත් 120ත් අතර මිළකට අළෙවි වන අතර කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 85 ත් 100 ත් අතර මිළකට අළෙවි වෙනවා.

මේ අතර කොළඹ ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 140ත් 160ත් අතර මිළකට අළෙවි වන බවත් පාරිභෝගිකයෝ පවසනවා.