hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජනවාරි 20, ප.ව. 8:12


අධ්‍යාපන චාරිකාවක් ගිය බසයක් පෙරලෙයි: හයක් මරුට – 40කට තුවාල

නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් හත් දෙනකු අඩුම තරමේ 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය – නානුඔය මාර්ගයේ බස් රථයකට ගමන් කිරීමට ඉතා අපහසු රදැල්ල බෑවුම් පෙදෙසින් දික් ඔය දෙසට අදාළ බස් රථය වේගයෙන් පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේ දී බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කළ ද, තිරිංග එහි අක්‍රීය වී ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත්තේ.