hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 20, ප.ව. 9:06


UPDATE: පෙරලුණු බස් එකේ සිටි අයෙක් ලයිව් ඇවිත් ඇත්ත තත්ත්වය රටටම කියයි (VIDEO)

නුවරඑළිය, රදැල්ල දුර්ග මාර්ගයේ දී අද (20) සවස අනතුරට ලක් වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයේ සිටි පුද්ගලයෙක් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝව හරහා ඔහු පවසන්නෙ අනතුරට ලක් වූ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයේ සිටි දරුවන්ට සුලු තුවාල හැරුණු විට බරපතළ තුවාල සිදු වූ කිසිවෙකුත් නොමැති බවයි.

එහිදී ඔහු මෙසේ සඳහන් කරනවා.

‘අපි ආපු බස් එක ඇක්සිඩන්ට් වුණා. අපේ ළමයි කාටවත් ලොකු තුවාල නෑ. කවුරුත් කෝල් කර කර කලබල වෙන්න එපා. සුලු තුවාල වෙච්ච අය නුවරඑළිය හොස්පිට්ල් එකට ගෙනිච්චා. අපිත් මේ හොස්පිට්ල් එකට යන ගමන්.. අපේ ළමයින්ට ලොකු කරදරයක් නෑ !”