hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 ජනවාරි 21, ප.ව. 2:35



නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ ප්‍රකාශ කර ඇත්තේ, අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) රිය අනතුරක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.