hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 ජනවාරි 21, ප.ව. 7:18


රාජගිරියේ වෙඩි තැබීමක්

වැලිකඩ පොලිස් වසමේ ගොතටුව පාර මහනියර හංදිය ප්‍රදේශයේ වෙළඳසලක් තුළට කඩාවැදුණු අවි ගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 56 ක පුද්ගලයෙක්.

යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.