hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 22, ප.ව. 9:39



කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ කාපට් ඇතිරීමට නියමිත බැවින් ජනවාරි 24 වන දින සිට පෙබරවාරි 1 වන දා දක්වා කාලය තුළ එක් මන්තීරුවක් පමණක් වාහන ගමනාගමනය සඳහා විවෘතව තබන බවට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.

ඒ අනුව, මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටස හරහා ගමන් කිරීමට අපේක්ෂිත රථවාහන රියැදුරන්ට හා මහජනතාවට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා.