hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ජනවාරි 23, පෙ.ව. 8:53


සමුද්‍රදේවී පීලි පනී – දුම්රිය ගමනාගමනයට බාධා

පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ගාල්ලේ සිට පැමිණි සමුද්‍රදේවී දුම්රිය අද (23) පෙරවරුවේ කළුතර දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව බලා පැමිණීමට නියමිත දුම්රිය දෙකක් ප්‍රමාද වී ධාවනය වනු ඇති බවද වාර්තා වෙනවා.