hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 24, ප.ව. 6:04


විභාගේ අස්සේ විදුලිය කපපු අයට වැඩ වරදී – වහාම මානව හිමිකම් කොමසමට කැඳවයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන 2023 ජනවාරි මස 23 වන දින සිට 2023 පෙබරවාරි මස 17 දින දක්වා කාලය තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස දන්වා යැවුව ද ඊට නිසි පියවර නොගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙමගින් විභාග අපේක්ෂකයින්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව ය.

ඒ හේතුවෙන්, මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා හෙට දිනයේ මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබේ.