hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජනවාරි 24, ප.ව. 6:08


දයාසිරි සී.අයි.ඩී යයි

තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළා.

දෙහිවල ගල්කිස්ස සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ අපි ඉදිරිපත් නොවූ බවත්, තමා එවැනි නාමයෝජනා පත්‍රයකට අත්සන් නොකළ බවත් කී මන්ත්‍රීවරයා කිසිවකු විසින් තම අත්සන ව්‍යාජ ආකාරයෙන් යොදා කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත නාමයෝජනා පත්‍රයක් භාර දී ඇතැයි ද පැවසුවා.