hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2023 ජනවාරි 25, පෙ.ව. 9:25



පුපුරන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් බිංගිරිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විලත්තව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරීයේ යේදී සිටි පොලිස් නිළධාරීන් අදාළ ලොරි රථය පරීක්ෂාවට ලක්කර ඇති අතර මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ ඒ අනුවයි.

ලොරි රථයේ සූක්ෂම ලෙස සඟවා තිබු පුපුරන ද්‍රව්‍ය අඩංගු බට 89ක් අඩි 80ක දිගින් යුතු සේවා නූල් 21ක්,ඩෙන්ටර්100ය බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සොයා ගත් භාණ්ඩ අතරට අයත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු33ක් සහ 44 යන වයස්වල පසුවනන්.

බිංගිරිය ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරි රථයක් හසුවෙයි පුපුරණ ද්‍රව්‍ය රැගත් ලොරි රථය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.