hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 25, ප.ව. 4:41



නව නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග සමාජය තුළ ප්‍රචලිත වීම, ඊට අදාළ මුදල් සංසරණ ක්‍රමවේදයන් වැළැක්වීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා ­පෙන්වා දෙන්නේ මෙම පනත යුගයට ගැලපෙන පරිදි යාවත්කාලීන විය යුතු බවයි.

එහෙත් 1912 වසරේ දී හඳුන්වා දුන් සුරාබදු ආඥා පනත මේ වන විට වාර්තා ගත ලෙස සංශෝධන සහ නිවේදන 1200කින් පමණ වෙනස් වෙමින් සංකීර්ණත්වයට පත්ව ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

නව පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.