hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 ජනවාරි 25, ප.ව. 7:16


ජානකී සිරිවර්ධනට තහනමක්

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මියට විදේශ ගත වීම සඳහා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇයට ඉන්දියාවට යාමට අවශ්‍ය බව පවසමින් ඇගේ නීතිඥවරුන් අධිකරණයෙන් අද මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි තීරණය කළේ.