hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජනවාරි 25, ප.ව. 8:30



මරදානේ පවත්වාගෙන ගිය විදේශ රැකියා ආයතනයක් නොමිලේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් තරුණයින් 1500ක් පමණ පිරිසක් අද සම්මුඛ පරීක්ෂණ සඳහා කොළඹට කැඳවා තිබුණා.

නොමිලේ විදේශ රැකියා ලබාදෙන බව පැවසුව ද ඊට ලක්ෂ තුනහමාරක පමණ මුදලක් අය කරන බව පැවසීමත් සමඟ පැමිණි සිටි පිරිස ඊට විරෝධය පළ කළා.

මෙය අනීතිකව පවත්වාගෙන යන විදේශ රැකියා ආයතනයක් ලෙස පසුව හෙළි වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු කොම්පඤ්ඤ වීදියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Example Image