hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජනවාරි 26, පෙ.ව. 11:32



IMF ක්‍රියාවලිය සඳහා මැතිවරණ ප්‍රතිඵලය බලපෑම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශයක් සිදු කළා.

ඒ ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මෙම වසර සඳහා වන පළමු මුදල් ප්‍රතිපත්ති විවරන මාධ්‍ය හමුවේදී මාධ්‍ය අමතමින්.

එහිදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ තමා මැතිවරණය සම්බන්ධයෙන් එක්ස්පර්ට් කෙනෙකු නොවන බවත් එහිදී වෙන දේවල් ගැන ප්‍රකාශ කිරීමට අපහසු බවත්ය.

IMF වැඩසටහන ක්‍රියාත්කම කිරීමේදී ඉතා අමාරු, අපහසු තීරණය ක්‍රියාත්මක වන බවත් දැනට ක්‍රියාත්මක ක්‍රියාදාමය සාර්ථක බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

ණය ගෙවීමේදී සහන ඉල්ලා සිටින ප්‍රධාන අංශයක් වන්නේ සංචාරක ව්‍යාපාරය බවත්, ඔවුන් සිය කර්මාන්ත පවත්වාගෙන යාමට වෙනත් විකල්ප සොයා බැලිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

තම ප්‍රකාශය සාධාරණීකරණය කරමින් අධිපතිවරයා කියා සිටියේ දේශීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයට බරක් පැටවෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත්, රටේ මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේදී ඒවායේ ස්ථාවරත්වය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත්ය.