2023 ජනවාරි 26, ප.ව. 4:04
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා සේවකයන් විසින් අද (26) විරෝධතාවක් පවත්වා තිබෙනවා.
විධිමත් හා ඉලක්කගත අරමුණක් කරා ආයතනය මෙහෙයවීමට කලමනාකාරීත්වය ක්‍රියා නොකිරීම, මැයි මස ගෙවීමට නියමිතව තිබූ අතිකාල මේ දක්වා නොගෙවීම, වසර 35ක් පුරා ලබාදුන්, ඉතිරිකරගත් නිවාඩු සදහා ගෙවීම් නොකිරීම ඇතුළු කරුණු කිහිපයක්ම ඊට මුල්වී තිබුණු බවයි කියන්නේ.
රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේ කෑම පැයේ මෙම විරෝධතාවය පවත්වා තිබුණා.
ආයතනයයේ සියලු වෘත්තීය සමිති හා සමස්ත සේවකයින් එක්ව මෙම විරෝධතාව සාර්ථක කළ බවයි වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ.
ගැටලු වලට විසදුමක් නොලැබේ නම් ඉදිරි සතියේ සිට අඛණ්ඩ විරෝධතාවයක් පවත්වන බව වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කර සිටිනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42